අරුවක්කාලු කසළ අංගනයට කසළ භාරගැනීම යළි ආරම්භ වුණා. ඒ අනුව ටිපර් රථ 35 ක් ඊයේ රාතී‍්‍රයේ අරුවක්කාලු අංගනයට කසළ මුදාහැර තිබෙනවා.
පසුගිය හත්වෙනිදා එහි සිදුවූ පිපිරීමක් හේතුවෙන් කසළ භාරගැනීම නතර කර තිබුණා. පිපිරීම සිදුවූ දින කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ රැගෙන එමින් තිබු ටිපර් රථ 28 ක් ජාඇල ප‍්‍රදේශයේදී ආපසු හරවා යැවීමටයි සිදුවුණේ. පිපිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රජයේ රස පරික්ෂකවරයා ඇතුලු කණ්ඩායමක් ද අරුවක්කාලු කසළ අංගනයට පැමිණ තිබෙනවා.
The post අරුවක්කාලු කසළ අංගනයට කසළ භාර ගැනීම යළි ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment