ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, අනුරාධපුර, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්වලට මෙසේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවු වැසි ඇති වීමේ ප්‍රවනතාවක් පවතිනවා. ඒ සමඟ අකුණු අවදානමද පවතින බැවින් ඒ පිළිබද දැඩි අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
The post ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් appeared first on ITN News.
Post a Comment