2019 සිරි දළදා යල් අස්වනු පූජාව අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වුණා.
යල කන්නයේ නෙළාගත් අස්වැන්නේ මුල් කොටස දළදා වහන්සේට පූජා කිරීම සිදුවූයේ අස්වනු සරුවේවායි යන ප්‍රාර්ථනය ඇතිවයි. සිව් මහා දේවාලවලට මුරුතැන් පූජාව ද මෙහිදී සිදුකෙරුණා. මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානමය පිංකමක් ද මෙහිදී පැවැත්වුණා. මහනුවර මීරා මක්කම් පල්ලිය, පුල්ලෙයාර් කෝවිල හා ශාන්ත අන්තෝනි දෙව් මැදුරේදී ද ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා.
මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වු අමාත්‍යවරයා ආනයනික ලොකු ළූණු බද්ද අඩු කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කළා.
The post 2019 සිරි දළදා යල් අස්වනු පූජාව අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment