මහතලාකොල වැව, කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ රුපියල් ලක්ෂ 40 ක වියදමින් ඉදිකළ පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම සදහා විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් සිදුකළා. අනතුරුව විද්‍යාලයේ සිසුදරුවන් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත කැදවාගෙන යනු ලැබුවා. අනතුරුව සමරු ඵලකය විවෘත කර පන්තිකාමර ගොඩනැගිල්ල ජනාධිපතිතුමා සිසු අයිතියට පත්කළා.
පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේයි. ඊට ශ්‍රම දායකත්වය ගුවන් හමුදාව ලබාදී තිබෙනවා.
The post කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ පන්තිකාමර ගොඩනැගිල්ල ජනපති ප්‍රධානත්වයෙන් සිසු අයිතියට appeared first on ITN News.
Post a Comment