Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම අද  

Add comments

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම අද සිදුකෙරෙනවා. ඒ හේතුවෙන් සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගැණුනා.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 25 වනදා සිදුකිරීමට නියමිතයි. ඒවා බෙදාදීමේ විශේෂ දිනය ලෙස ලබන මස තුන්වනදා නම්කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන මස 9 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. මේ අතර ලබන 31 වනදා සහ ලබන මස පළමුවනදා තැපැල් ඡන්දය පැවැත්වෙනවා. ඒ රජයේ ආයතනවල සහ හමුදාවන්හි සේවය කරන අය සදහායි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසියේ නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීම සදහා අවස්ථාව ලබාදී ඇත්තේ ලබන මස 4 වනදායි. එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 7 වනදා තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ සදහා අවස්ථාව හිමිවනවා. තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම පසුගියදා සිදුකෙරුණා.

The post ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG