ජාතික සංවිධානවල අපේක්ෂාව පරිදි රට පෙරට තබා රට පාලනය කිරීම තම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළේ කොළඹ පදනම් ආයතනයේ පැවති ජාතික සංවිධාන සම්මේලනය අමතමින්. සුරක්ෂිත මව්බිමක් සභ්‍යත්වය රකින රාජ්‍යයක් මැයෙන් එය පැවැත්වුණා. ත්‍රෛනිකායික අනුනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සංවිධාන නායකයින්ගේ සහභාගීත්වයෙනුයි එය පැවැත්වුණේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව සහායදීමට එහිදී තීරණය කෙරුණා.
The post රට පෙරට තබා කටයුතු කිරීම තම අරමුණයි appeared first on ITN News.
Post a Comment