තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ 06 දෙනෙකු කදිරමගේ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
වයඹ නාවික විධානයට අයත් කදිරමලේ මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයක් අතරතුරදී මෙම පිරිස අත්අඩංගුවට ගැනුණේ. ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, නීතිවිරෝධී ගෙස ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් දහසක් තහනම් දැලක් සහ ධීවර ආම්පන් තොගයක් නාවික හමුදා භාරයට ගැණුනා. අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 26 ක් 37 ත් අතර පසුවන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඉදිරි නීතිමය කටයුතු සදහා මෙම පිරිස සහ උපකරණ මන්නාරම ධීවැර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණා.
The post තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ 06 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment