Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ සියලුම පාසල් ලබන 15 නිවාඩු  

Add comments

රජයේ සියලුම පාසල්වලට ලබන 15 වනදා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ලබන 16 වනදාට යෙදෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් මෙලෙස නිවාඩු ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි හා පාසල් පරිශ්‍ර යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමට අනුවයි අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් 14 වනදා පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත ලබා දීම සිදු කෙරෙනවා. එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස ද පාසල් යොදා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවරණ කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබෙනවා.

 

 

 

 

The post රජයේ සියලුම පාසල් ලබන 15 නිවාඩු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG