Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙවර ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමීව පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක්  

Add comments

මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක්  බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පල කළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රකයන් පිරිසක් හමුවේයි.

ලෙබනන් ජනරජය, නයිජීරියාව සහ යුරෝපීය සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිලිගන්වනු ලැබුවා. එහිදී ජනාධිපතිතුමා සදහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු කිරීමට හැකි වූයේ පසුගිය කාලයේදී  රජය සිදු කළ පුළුල් දේශපාලන ප්‍රතිසංශෝධන නිසා බවයි. මේ අතර ඉංජිනේරු ඒ.එන්.එස් කුලසිංහ ක්‍රියාකාරකම් සහිත උදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ විවෘත කෙරුණා. කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස් කුලසිංහ මහතාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් ඉංජිනේරුමය කාර්යන් පිලිබදව මධ්‍ය උපදේශන කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික් සමාගම එක්ව දැයේ දූදරුවන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීම උදෙස් නිම කරන ලද ක්‍රියාකාරකම් සහිත උද්‍යානයක් වන මෙය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේයි. මෙරට මෙන්ම රටින් බැහැරව සිය තාක්ෂණ දැනුම ඔස්සේ බෙහෝ  විශිෂ්ඨතා පෑ කුලසිංහ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රථම සභාපතිවරයාද වනවා.

 

The post මෙවර ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමීව පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG