Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වායු දූෂණය මැඩපැවැත්වීමට දිල්ලි අගනුවර විශේෂ රථ වාහන වැඩපිළිවෙළක්  

Add comments

වායු දූෂණය මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ දිල්ලි අගනුවර විශේෂ රථ වාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා.

අද සිට ලබන 15 වනදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි දිල්ලි බලධාරීන් පවසන්නේ. මෙහිදී වාහන ලියාපදිංචි අංකය ඉරට්ටේ සංඛ්‍යාවකින් අවසන් වන වාහන පමණක් අද දිනයේදී දිල්ලි නගරයට ඇතුළත් කිරීමට අවසර ලැබෙනවා. හෙට දිනයේදී ඇතුළත් කිරීමට අවසර ලැබෙන්නේ ඔත්තේ සංඛ්‍යාවකින් අවසන් වන වාහන පමණයි. මෙලෙස මාරුවෙන් මාරුවට ලබන 15 වනදා තෙක් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. දිල්ලි මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් පවසන්නේ මේ තුළින් නගරය තුළ ධාවනය වන වාහන සංඛ්‍යාව විශාල සංඛ්‍යාවකින් අඩුකර ගැනීමට හැකි වන බවයි. මෙම වැඩපිළිවෙළ පසුගිය වසරේ ද ක්‍රියාත්මක කෙරුණා. නීතිය කඩ කරන පුද්ගලයින්ට ඉන්දීය රුපියල් හාරදහසක දඩයක් නියම කර තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්‍ෂව දෙගුණයක වැඩිවීමක්. හදිසි වාහන, කුළී රථ, යතුරු පැදි හා පා පැදි සඳහා මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. කාන්තාවන් පදවන වාහන සඳහා ද නීතිය ක්‍රියාත්මක නොවන බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. වාහනවලින් නිකුත් වන දුමට අමතරව කර්මාන්ත ශාලා හා ඉදිකිරීම් භූමිවලින් නිකුත් වන අපද්‍රව්‍ය නිසා දිල්ලි වායු ගෝලය දැඩි ලෙස දූෂණයට ලක්ව තිබෙනවා.

 

 

The post වායු දූෂණය මැඩපැවැත්වීමට දිල්ලි අගනුවර විශේෂ රථ වාහන වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG