ප්‍රවීණ චිත්‍ර හා මූර්ති ශිල්පී තිස්ස රණසිංහ මහතාගේ නිර්මාණ සදාතනික අගයෙන් පිරිපුන්ව ලොව පුරා පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තිස්ස රණසිංහ මහතාගේ අභාවය පිලිබද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කරනවා.
ප්‍රවීණ චිත්‍ර හා මූර්ති ශිල්පී තිස්ස රණසිංහ මහතා ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ මූර්ති ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තරයේ කීර්තියට පත් කලාකරුවෙක්. පෙර අපර දෙදිග කලා සම්ප්‍රදායන්හි ආභාසය ලබමින් ස්වකීය ප්‍රතිභාව සහ කැපවීම සමග මූර්ති කලාවේ සුවිශේෂී අන්‍යනතාවක් සනිටුහන් කිරීමට ඒ මහතා සමත්වුණා.මූර්ති කලාව කෙරෙහි පැවති ඇල්ම හේතුවෙන් රජයේ ලලිත කලායතනයට ඇතුලත් වූ රණසිංහ මහතා ලන්ඩනයේ සුප්‍රකට චෙල්සි කලායතනයේ මූර්ති කලා ඩිප්ලෝමාධාරියකු ද වනවා. දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඒ මහතා තම දිවියෙන් සමුගන්නා තෙක්ම මූර්ති කලාව වෙනුවෙන් කැපවී සිටි අපූර්ව කලාකරුවකු බවයි අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩයෙහි වැඩිදුරටත් සදහන් වන්නේ.
The post තිස්ස රණසිංහ මහතාගේ අභාවය පිලිබඳව අගමැතිගෙන් ශෝක පණිවුඩයක් appeared first on ITN News.
Post a Comment