බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ පතල් සමාගමකට අයත් බස් රථ පෙලකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කැනඩා රන් පතල් සමාගමකට අයත් බස් රථ පහකටයි ප්‍රහාරය එල්ල වුණේ. හමුදා රථයකට ද හානි සිදු වුණා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෑතකදී එරටින් වාර්තා වූ දරුණුතම ප්‍රහාරය ලෙසයි මෙය සැලකෙන්නේ. වසර කිහිපයක සිට බුර්කිනෝ ෆාසෝ ඇතුළු බටහිර අප්‍රිකා රටවලට ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලින් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.
The post බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ බස් රථ පෙලකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 37 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment