ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙකු වන ඩී ඩී අබේරත්න මහතා අභාවප්‍රාප්ත වුණා.
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සුදු පුංචා, රස කතා වැනි ජනප්‍රිය වැඩසටහන් රැසකට ඒ මහතා හඩකැවීම් ශිල්පියෙකු ලෙස සිය දායකත්වය ලබා දුන්නා. එමෙන්ම විවිධ සතුන් හා හඩ රටා අනුකරණය කරමින් ලොව පළමුවරට නින්නාද ප්‍රසංගයක් පැවැත්වූ ශිල්පියෙකු ලෙස ද ඒ මහතා ඉතිහාසයට එක්ව තිබෙනවා.
අභාවප්‍රාප්ත ඩී ඩී අබේරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (22) පස්වරු 5.00ට හොරණ ආදාහනාගාරයේදී සිදු කෙරෙනවා.
The post ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙකු වන ඩී ඩී අබේරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment