මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බදුල්ලේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් බදුල්ල වැලිමඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා. පැමිණ සිටි ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතාට මෙහිදී උණුසුම් ප්‍රතිචාර හිමි වුණා.
The post මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් සජිත්ගෙන් ජාතික පෝෂණ ප‍්‍රතිපත්තියක් appeared first on ITN News.
Post a Comment