Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යෞවන ඔලිම්පියාර්ඩ් පදක්කම් ලැබූ පසිදු මිහිරාන් ජනපති මුණගැසෙයි  

Add comments

කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාර්ඩ් තරගයේදී හොඳම නව නිපැයුම්කරු වන් දස දෙනා අතරට තේරී පත් වූ පසිදු මිහිරාන් සිසුවා ජනාධිපතිතුමා මුණ ගැසුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

මදුරුවන් බෝ නොවන ආහාර බදුන් නිර්මාණය කරමින් කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාර්ඩ් තරගයේදී හොඳම නව නිපැයුම්කරුවන් දසදෙනා අතරට  ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිදු මිහිරාන් සිසුවා තේරී පත්වුණා. නිර්මාණශීලීත්වය, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය තුළින් ගෝලීය නායකත්වය පෝෂණය කිරීම මෙම යෞවන ඔලිම්පියාර්ඩ් තරගයේ අරමුණයි. පසුගිය මස පහ හය දිනවල කොරියාවේ සෝල් නුවරදී මෙම තරගය පැවැත්වුණේ රටවල් 37 ක් නියෝජනය කරමින් නිර්මාණකරුවන් 400 ක ට අධික පිරිසකගේ නිර්මාණ සමඟයි. එහිදී හොඳම නව නිපැයුම්කරුවන් දස දෙනා අතරට තේරී පත් වූ පසිදු මිහිරාන් සිසුවාගේ දක්ෂතා ජනාධිපතිතුමා අගය කරමින් ඔහුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් නව පරිගණකයක් ප්‍රදානය කළා.

 

The post යෞවන ඔලිම්පියාර්ඩ් පදක්කම් ලැබූ පසිදු මිහිරාන් ජනපති මුණගැසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG