බැග්ඩෑඩ් අගනුවර ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස ඉරාක ආරක්ෂක අංශ ප‍්‍රධානීන් නියෝග කළා.
රජයේ දේශපාලන පක්ෂ වලට එරෙහිව විරෝධතා තවදුරටත් කි‍්‍රයාත්මක වෙමින් පැවැතිය ද ආරක්ෂක නිලධාරීන් මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය දිනවල ද මතුවූ ගැටුම්කාරී තත්වයෙන් විරෝධතාකරුවන් කිහිපදෙනෙකු මියගියා. විරෝධතා නතර කර දෛනික කටයුතු පවත්වාගෙන යාමට සහය දෙන ලෙසයි ඉරාක අග‍්‍රාමාත්‍ය අදෙල් අබ්දුල් මාදි පසුගියදා ඉල්ලීමක් කළේ.
ඉරාකයේ මාසයකට වැඩි කාලයක් පුරා පවතින විරෝධතා හේතුවෙන් ආර්ථිකයට බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව ද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.
The post බැග්ඩෑඩ් අගනුවර ඇඳිරි නීතිය ඉවත් කරන්නැයි නියෝග appeared first on ITN News.
Post a Comment