ජාතිවාදය තහවුරු කර බලය ලබා ගැනීම සදහා රාජපක්ෂ කණ්ඩායම කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයේ රැස්වීම කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කිරීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අරමුණ බවයි.
චෙන්කලඩි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. අමාත්‍ය රවී කරුණානායක මහතා හා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ජන හමුවට එක්ව සිටියා.
The post ජාතිවාදය තහවුරු කර බලය ලබා ගැනීම සදහා රාජපක්ෂ කණ්ඩායම කටයුතු කරනවා – අගමැති appeared first on ITN News.
Post a Comment