Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප්‍රහාරයෙන් මියගිය තම දරුවා වෙනුවෙන් ඇමෙරිකා දෙමව්පිය යුවළක් වන්දි ඉල්ලයි  

Add comments

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය 11 හැවිරිදි තම දරුවා වෙනුවෙන් වන්දි ගෙවන ලෙස ඇමෙරිකා දෙමව්පිය යුවළක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

ඇමෙරිකා ජාතික ඇලෙක්සැන්ඩර් ඇරෙව් යන අය හා ඔහුගේ බිරිදයි මෙම පෙත්සම ගොනු කළේ. ඔවුන් පවසන්නේ බලධාරීන්ගේ නොසැළකිලිමත්කමින් සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් තම පුත්‍රයා මිය ගිය බවයි. ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තම පුතා මිය ගියේ උදෑසන ආහාරය ගනිමින් සිටියදි බවයි පෙත්සම්කරුවන් පවසන්නේ. අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුලු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

The post පාස්කු ප්‍රහාරයෙන් මියගිය තම දරුවා වෙනුවෙන් ඇමෙරිකා දෙමව්පිය යුවළක් වන්දි ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG