ඉරානයේ වයඹ දිග ප්‍රදේශයට ප්‍රබල භූකම්පනයකින් බලපෑම් එල්ලවුණා.
ඉරානයේ හස්ට්‍රඩ් නගරයටයි ඉන් දැඩි බලපෑම් එල්ලවුණේ. භූ කම්පනය රිච්ටර් පරිමාණ ඒකක 5.9 ක් ලෙස සටහන් වුණා. භූ කම්පනයෙන් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. භූකම්පනයෙන් පසුව තවත් පසුකම්පන කිහිපයක් ද සටහන් වී තිබෙනවා. ගොඩනැගිලි රැසක් සහ දේපළ රැසක් විනාශ වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ඉරානයේ වයඹ දිග ප්‍රදේශයට ප්‍රබල භූකම්පනයක් appeared first on ITN News.
Post a Comment