Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තර්ජාල භාවිත නිදහස නොමැති රටවල් දහය අතරට පකිස්ථානයත්  

Add comments

අන්තර්ජාල භාවිතය සහ ඩිජිටල් මාධ්‍ය නිදහස නොමැති රටවල් දහය අතරට පකිස්ථානය ද ඇතුලත් බව වාර්තාවකින් හෙළිවුණා. අඛණ්ඩව නවවන වරටත් පකිස්ථානය මෙම ලැයිස්තුවට ඇතුලත්ව ඇති බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නෙ පසුගිය වසරේ ජුනි මාසයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා කාලසීමාව පදනම් කර ගනිමින් මෙම වාර්තාව නිකුත් කර තිබෙනවා.

ගෝලිය අන්තර්ජාල නිදහසේ සමස්ත අඩු වීමක් පෙන්නුම් කරන බවයි එහි සඳහන් වන්නේ. කලාපිය ශ්‍රේණිගත කිරිම් වලට අනුව වියට්නාමය සහ චීනයෙන් පසු පකිස්ථානය එම ලැයිස්තුවට ඇතුලත් බව සඳහන්. දේශපාලන , ආගමික සහ සමාජිය අන්තර්ගතයන් ඇතුළත් වෙබ් අඩවි අට ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් පකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය මඟින් අවහිර කර ඇති බවයි එම වාර්තාවේ දක්වා තිබෙන්නේ.

The post අන්තර්ජාල භාවිත නිදහස නොමැති රටවල් දහය අතරට පකිස්ථානයත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG