Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොහොට්ටුව සමග එක්වීම සදහා නිදහස් පක්ෂය නීත්‍යානුකූල තීරණයක් ගෙන නැහැ – චන්ද්‍රිකා  

Add comments

ශ්‍රී ලංකා පොදුජන පරමුණ සමග එක්වීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීත්‍යානුකූල තීරණයක් රැගෙන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පැවැත්වූ අපි ශ්‍රී ලංකා සමුළුවට එක්වෙමිනුයි ඒ මහත්මිය මේ බව කියාසිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද පැවැත්වුණා. ඒ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණයට විරෝධය පළකිරීමේ අරමුණෙන් යුතුවයි මෙය සංවිධානකර තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post පොහොට්ටුව සමග එක්වීම සදහා නිදහස් පක්ෂය නීත්‍යානුකූල තීරණයක් ගෙන නැහැ – චන්ද්‍රිකා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG