විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට ජීව උණ්ඩ භාවිත නොකරන ලෙසට ඉරාක ආරක්ෂක අංශ වලට දැනුම්දී තිබෙනවා.
විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් වලින් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගියා. තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. තහිර් චතුරස‍්‍රයේදී විරෝධතා උත්සන්නවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් ඔවුන් දින ගණනාවක සිට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතව සිටිනවා. බැග්ඩෑඩ් සහ බස්රා ඇතුලු නගර ගණනාවක අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් ඉරාක බලධාරීන් පියවර ගත්තා.
The post ඉරාක ආරක්ෂක අංශ වලට ජිව උණ්ඩ භාවිතය තහනම් appeared first on ITN News.
Post a Comment