සෞදි අරාබි රාජ්‍යයේ 48 වන ජාතික දින සැමරුමට සමගාමීව සැමරුම් උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා.
සෞදි අරාබි රාජ්‍යයේ 48 වන ජාතික දිනය වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා රජය සහ ජනතාව නියෝජනය කරමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද සහභාගි වුණා. ඒ මහත්මිය අදහස් දක්වමින් කියාසිටියේ නව රජය සියලු ජාතීන් සහ රටවල් සමග මිත්රශීලීව කටයුතු කිරීමේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
48 වන ජාතික දින සැමරුම වෙනුවෙන් සෞදි අරාබි රජු සහ ජනතාව වෙත ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනතාවගේ සුබපැතුම් ද පිරිනැමුණා.
The post සෞදි අරාබි රාජ්‍යයේ 48 වන ජාතික දින සැමරුමට සමගාමීව සැමරුම් උත්සවයක් අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment