Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලි නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කෙරේ  

Add comments

ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

දිල්ලි නගරයට මෙවැනි දැඩි ශීත කාලගුණයක් බලපා තිබෙන්නේ 1997 වසරෙන් පසුවයි. සෙල්සියස් අංශක 2.4ක් ලෙස අවම උෂ්ණත්වය වාර්තා වුණා. අධික මිදුම් සහිත කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් හතරක් ද අවලංගු කර තිබෙනවා. දුම්රිය 24 ක් පමණ ප්‍රමාද විය හැකි බවටයි දැනුම් දී තිබෙන්නේ. අද දිනයේ සීත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති අතර ඉදිරි සති දෙක තුළ මෙම තත්ත්වය වඩාත් වර්ධනය විය හැකි බවට කාලගුණ අංශ පවසනවා. අද දිනයේදී දිල්ලි නගරයේ වාර්තා වූ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13ක්.

 

The post දිල්ලි නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG