වසර ගණනාවකට පසුව ප්‍රංශයේ සිදුවන විශාලතම වැඩවර්ජනයට ප්‍රංශ ජනතාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විශ්‍රාම යන වයස් සීමාව ඉහළ දැමීම හා විශ්‍රාම වැටුප අඩු කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ගෙන ආ විශ්‍රාම ප්‍රතිසංස්කරණ යෝජනාවකට එරෙහිවයි මෙම විරෝධතා ආරම්භ වන්නේ. අදාළ යෝජනාවට එරෙහිව දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊට පාසල්, ප්‍රවාහන අංශ , පොලීසිය, නීතීඥයින් , රෝහල් හා ගුවන්තොටුපල සේවකයින්ද සහභාගී වනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. වැඩවර්ජනය සඳහා මිලියන ගණනක සේවකයින් පිරිසක් එක්වනු ඇති. වැඩ වර්ජනයත් සමඟ රටපුරා පාගමන් 250කට වැඩි සංඛ්‍යාවක් ද සංවිධානය කර ඇති බව සඳහන්. එරට කම්කරු සංගම්වල ප්‍රධානීන් පවසන්නේ ජනාධිපතිවරයා තම ඉල්ලීම්වල විසදුම් ලබා දෙන තෙක් අඛණ්ඩව වැඩවර්ජනයේ යෙදෙන බවයි.
The post විශාලතම වැඩ වර්ජනයට ප්‍රංශ ජනතාව සුදානමින් appeared first on ITN News.
Post a Comment