පූගොඩ පෙහෙ කම්හලේ සේවකයන්ට වසර 19 කට පසු වන්දි ප්‍රදානය කෙරුණා.
රජයට අයත් පූගොඩ පෙහෙකම්හල වැසී යන අවස්ථාවේ එහි 2300 ක පමණ සේවක පිරිසක් සේවය කරමින් සිටියා. ඔවුන්ට හිඟ වැටුප් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා. ඒ අනුව අදාළ වන්දි ප්‍රදානය පසුගියදා සිදු කෙරුණේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදීයි. නිලධාරීන් මිස දේශපාලන නියෝජිතයන් කිසිවෙකුත් ඊට සහභාගී නොවීමද විශේෂත්වයක්. වසර ගණනාවකට පසු තමන්ට වන්දි පිරිනැමීම සම්බන්ධයෙන් සේවකයන් රජයට ප්‍රසාදය පළ කළා.
The post පූගොඩ පෙහෙකම්හල් සේවකයන්ට වසර 19 කට පසුව වන්දි appeared first on ITN News.
Post a Comment