ශ්‍රී ලංකාවේ නව රජය සමග එකතුවී ආර්ථික අභියෝගවලට විසදුම් සෙවීමට බලාපොරොත්තු වන බව ලෝක බැංකු දකුණු ආසියා කලාපයේ ආර්ථික කටයුතු පිළිබද ප්‍රධානී හාන්ස් ටිමර් මහතා පවසනවා.
ශ්‍රී ලංකා මහබැංකුව සංවිධාන කළ ආර්ථික අභියෝග පිළිබද දේශනයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු බැංකු ක්ෂේත්රයේ නිලධාරීන් එම අවස්ථාවට එක්වුණා.
(කලාපයේ සියලු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ඉන් වැඩි වාසි ලබාගත හැකියි. ශ්‍රී ලංකාවේ නව රජය සමග එකතුවී ආර්ථික අභියෝගවලට විසදුම් සෙවීමට මම සූදානම්. ගෝලීය ආර්ථික ගැටලුවලට විසදුම් සෙවීම ද වැදගත්. දකුණු ආසියා කලාපයට ගෝලීය ආර්ථිකයේ වෙනස්වීම් දැඩිලෙස බලපානවා. ඒ නිසා අභියෝග කෙතරම් අසීරු වුවත් ඒ සදහා විසදුම් සෙවිය යුතුයි.)
The post ශ්‍රී ලංකාවේ නව රජය සමග එකතුවී ආර්ථික අභියෝගවලට විසදුම් සෙවීමට සූදානම් appeared first on ITN News.
Post a Comment