Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා ජනතාව නව අවුරුදු සැමරීමට එක්වෙති  

Add comments

ලොවපුරා ජනතාව අලුත් අවුරුද්ද පිළිගැනීමට එක්වුණා.

ඒ සදහා විවිධ සැමරුම් උත්සව සංවිධාන කර තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. නර්තන සහ විවිධ ප‍්‍රසංග ද ඊට අයත්. මල්වෙඩි සංදර්ශන ද ලොවපුරා පවත්වා තිබෙනවා. ඔස්ටේ‍්‍රලියාව , ඉන්දියාව , හොංකොං , ප‍්‍රංශය , බි‍්‍රතාන්‍යය , රුසියාව , නවසීලන්තය ඇතුළු රටවල් ද ඊට අයත්. එක් එක් රට වලට ආවේනික වැඩසටහන් වලින් අලුත් අවුරුදු උදාව සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

ලොවපුරා නායකයන් ද ඊට දායකත්වය ලබා දුන්නා. ජනතාව විශාල වශයෙන් වීථි බැස ගිනිකෙලි සංදර්ශන වලට එක්වු බවයි මාධ්‍ය සදහන් කළේ. අලුත් අවුරුදු උදාව මුලින්ම පිළිගත් රටවල් අතරට නවසීලන්තය ද එක්වුණා. ඕක්ලන්ඩ් ඇතුළු නගර උත්සවශි‍්‍ර ගත් බවත් ඔවුන් ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් හොංකොං සහ පැරිස් ඇතුළු ඇතැම් ස්ථානවල පැවති විරෝධතා හේතුවෙන් ගැටලු හටගත් බවයි මාධ්‍ය සදහන් කළේ.

The post ලොවපුරා ජනතාව නව අවුරුදු සැමරීමට එක්වෙති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG