Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

SPC හිටපු සභාපති රූමි මොහොමඩ් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ්  

Add comments

ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. අද (31) පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැත්වු සුදුවෑන් මාධ්‍ය හමුවට මූල්‍ය පහසුකම් සපයා දුන් බවට ඔහුට චෝදනා එල්ල වුණා. තමන්ට රුපියල් ලක්ෂ විස්සක මුදලක් ලබාදෙන බවට රූමි මොහොමඩ් පොරොන්දුු වූ බවටයි සැකකරුවන් ප‍්‍රකාශ කර තිබුණේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළා. මෙම නඩුවට මුල්වී තිබෙන සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවීම සදහා දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරුවන් රුපියල් ලක්ෂ තිහක මුදලක් ඉල්ලා ඇති අතර එය ලක්ෂ විස්සක් දක්වා අඩුකර තිබෙනවා.

සැකකරුවන්ට ලක්ෂ විස්සක් ලබාදී ඇත්තේ රූමි මොහොමඩ් බව පරීක්ෂණ වලදි හෙලිව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා. ඒ අනුව ඉදිරි විමර්ශන සදහා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ.

The post SPC හිටපු සභාපති රූමි මොහොමඩ් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG