Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“හැදෙන රටට වැඩෙන ගසක්” ජාතික රුක් රෝපණ වැඩසටහන අද ඇරඹේ  

Add comments

හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහන ඓතිහාසික අනුරාධපුර පුරවරයේදී අද ආරම්භ වනවා.

දැනට 29%ක්ව පවතින මෙරට වන ගහනය ඉදිරි පස්වසර තුළ 32% දක්වා ඉහළ නැංවීම අරමුණුකර ගනිමින් හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව මෙය ක්‍රියාත්මක වන්නේ වසරකට පැළ දසලක්ෂයක් රෝපණය කිරීමේ අරමුණ ඇතිවයි. සමාරම්භක උත්සවය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.49 ට යෙදෙන සුබ මොහොතින් අනුරාධපුර ඓතිහාසික මහමෙවුනා උයනේදී පැවැත්වීමටයි කටයුතු යෙදා ඇත්තේ. මෙම වැඩසටහනට අවශ්‍ය පැළ වර්ග ලබාදීම සිදුකරන්නේ වන සංරක්ෂණ හා වනජීවී ආරක්ෂණ දෙපාර්තමේන්තු මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය හා මහවැලි අධිකාරිය මඟිනුයි.

 

 

The post “හැදෙන රටට වැඩෙන ගසක්” ජාතික රුක් රෝපණ වැඩසටහන අද ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG