Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පී එස් එම් චාල්ස් මහත්මිය පත් කෙරේ  

Add comments

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පී එස් එම් චාල්ස් මහත්මිය පත්කර තිබෙනවා.

පී එස් එම් චාල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී එස් එම් චාල්ස් මහත්මිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළා. එමෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස ද ඇය කටයුතු කර තිබෙනවා. පී එස් එම් චාල්ස් මහත්මිය මඩකලපුව හා වව්නියා දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස ද දීර්ඝ කාලයක් සේවය කළා.

මේ අතර භූවිද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ නව සභාපති ලෙස පත් කෙරුණු ඉංජිනේරු අනුර වල්පොළ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ භූවිද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදීයි. කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාදය පළ කළා.

 

 

 

The post උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පී එස් එම් චාල්ස් මහත්මිය පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG