Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජිත ගැන තවත් වෛද්‍ය පරීක්‍ෂණයක්  

Add comments

හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය ද රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂාවට ලක්කළා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව මෙහෙයවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත්කර තිබිය දීයි පසුගිය 26 වන දින ඔහු නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් වුණේ.  ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න මහතා  27 වනදින අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගැනුණා.  ඒ පිලිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසුව රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රි  රාජිත සේනාරත්න මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධානගාර ගත කිරිමටයි  නියෝග කෙරුණේ. රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිමට ද  අපරාධ පරික්ෂරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ කටයුතු කළා. එමෙන්ම ඒ මහතා අධිරුධිර පීඩනයෙන් හා ආතතියෙන් පෙළෙන බව ද රෝහලේ වෛද්‍යවරයා සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙන යාමේ හැකියාවක් පවතී ද යන්න සහ  තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා බන්ධනාගාර වෛද්‍යවරියක් මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ඊයේ නිරීක්ෂණය කළා. එම නිරීක්ෂණයට අදාළ වාර්තාව බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලබා දීමට පියවර  ගෙන තිබෙනවා. එම වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තවත් වෛද්‍ය පරික්ෂණ කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇති බැවින් අදාළ පරික්ෂණ අවසන් වූ පසු එම සෞඛ්‍ය වාර්තා ද පරික්ෂා කර බලා තීරණයක් ලබා දීම අවශ්‍ය බව අදාළ වෛද්‍යවරිය සඳහන් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමේ හැකියාවක් ඇද්ද යන්න පිළිබඳව එම අවස්ථාවේදී තීරණය කිරීමට නියමිතයි.

මේ අතර මේ පිළිබඳ මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළවුණා.

 

The post රාජිත ගැන තවත් වෛද්‍ය පරීක්‍ෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG