Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට ලක්ෂ 75 ක ආධාර මුදලක්  

Add comments

මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ හැත්තෑ පහක මුදලක් පරිත්‍යාග කෙරුණා.

ප්‍රවීන ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන හෙල්ප් සර්කල්ස් සංවිධානයයි අපේක්ෂා රෝහලට මෙම පරිත්‍යාගය සිදු කළේ. ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයේ සේවාවන් පුළුල් කිරීමට මෙමගින් අපේක්ෂිතයි. ඒ අනුව නව ඒකක 6 ක් ස්ථාපනය කෙරෙනු ඇති. හෙල්ප් සර්කල්ස් සංවිධානය ප්‍රාර්ථනා ගීත ප්‍රසංගය මගින් ලබා ගත් මුදල් සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත මෙම මුදල එක්රැස්කරගෙන තිබෙනවා. අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා වෙත මෙම මුදල පරිත්‍යාග කිරිම සිදු කෙරුණා. අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

The post අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට ලක්ෂ 75 ක ආධාර මුදලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG