ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පවතින ප්‍රදේශවල සුළගේ දිශාව වෙනස් වී ඇති බව එරට ගිනි නිවීමේ අංශ පවසනවා. මේ හේතුවෙන් ගිනි නිවීම තවත් අපහසු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පවතින ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලැව්ගිනි වලින් මිලියනයකට අධික හෙක්ටයාර් ප්‍රමාණයක් විනාශ වී ඇති බව ද සඳහන්. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ පවතින ලැව්ගිනි එය ආසන්නයේ ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ ඉතිරි කොටස්වලට ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි ගිනි නිවීමේ අංශ සඳහන් කරන්නේ. පැයට කිලෝමීටර 128ක වේගයෙන් සුළං හමායන අතර දිශානතිය වෙනස් වීමත් සමඟ වික්ටෝරියා ප්‍රාන්තයේ විශාල පිරිසක් මේ වන විටත් ඉවත් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිවීම තවත් අපහසුවෙයි appeared first on ITN News.
Post a Comment