Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලැව්ගිනි සමඟ ඕස්ට්‍රේලියාවේ වායු දූෂණය දැඩි අවදානමක  

Add comments

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි සීග්‍රයෙන් පැතිරයාමත් සමඟ කැන්බරා අගනුවර වායු දූෂණය උපරිම මට්ටමට පැමිණ තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සිට පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත නිපුණ දොඩන්ගොඩ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට  ඕස්ටේලියාවේ නිව් සවුත්වෙල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තවල මෙම ලැව්ගිනි පවතිනවා. එම ප්‍රදේශවල පවතින උෂ්ණ අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ මෙම ලැව්ගිනි  මැඩපැවැත්වීමට නොහැකි වී තිබෙනවා. මෙම ලැව්ගිනිවලින් එම ප්‍රදේශවල වනාන්තරවල සිටි සත්වයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ජීවත් වූ සතුන් මිලියන 500 කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බවටයි ඇස්තමේන්තු ගත කොට තිබෙන්නේ. ගින්නෙන් දිවිගලවාගත් සතුන්ගෙන් බහුතරයක්ද ආහාර හිගකම සහ වාසස්ථාන අහිමිවීමෙන්  ඉදිරි කාලයේදී තවත් ඛේදවාචකයකට මුහුණපෑමට සිදුවිය හැකි බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රභලව පැතිර යන ලැව් ගිනි එරටට ආවේනික වූ වෙනම කාලගුණ රටාවක් නිර්මානය කරමින් පවතින බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා තුන්දහසකට අධික ගිනි නිවීමේ අංශ නිලධාරීන් යොමු කිරීමටද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නියෝග කර තිබෙනවා. ලැව්ගිනි ලැව්ගිනි  තවත් මාස කිහිපයක් පැවතිය  හැකි බැවින් මෙය නිවීම සඳහා කඩිනම් පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර ලොවපුරා සිටින ගායික ගායිකාවන් , නළුනිලියන් රැසක් ඕස්ට්‍රේලියාවේ පවතින ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා මිලියන ගණනක් වූ මූල්‍යාධාර සිදු කර ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

 

 

The post ලැව්ගිනි සමඟ ඕස්ට්‍රේලියාවේ වායු දූෂණය දැඩි අවදානමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG