නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා නුවරඑළියට විශ්වවිද්‍යාලයක් ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
අඩු අධ්‍යාපන මට්ටමක් සහිත නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම මෙන්ම උසස්පෙළ සමතුන්ට උසස් අධ්‍යාපන වරම් ලබා දීමේ අරමුණෙනුයි නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මෙම විශ්වවිද්‍යාලය ඉදි කිරීමට පියවර ගෙන තිබෙන්නේ. ඒ අනුව නුවරඑළිය සදතැන්න වන විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත්කරන බවයි. රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post නුවරඑළියට සරසවියක් appeared first on ITN News.
Post a Comment