හපුතලේ අයිස්පීල්ල ප‍්‍රදේශයේ සිදුවු ගුවන් අනතුර සම්බන්ධයෙන් පාර්ශ්ව පහකට විමර්ශන පවත්වන ලෙස බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.
ඒ හපුතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව. බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරුහේන මහතායි නියෝගය නිකුත් කළේ.
ඒ අනුව රජයේ රස පරීක්ෂක දොපර්තමේන්තුව, ශ්‍රී‍්‍ර ලංකා ගුවන් හමුදාව , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව , මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසයි නියෝගය ලබාදී ඇත්තේ.
The post ගුවන් අනතුර සම්බන්ධයෙන් පාර්ශ්ව පහකට විමර්ශන පවත්වන්නැයි නියෝගයක් appeared first on ITN News.
Post a Comment