Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැඟෙනහිර පළාතේ පාසල් ආපනශාලාවලට “හෙළ බොජුන්” හඳුන්වා දීමට වහාම පියවර  

Add comments

නැගෙනහිර පළාතේ සියළු පාසල් වල ඇති ආපනශාලා වල “හෙළ බොජුන්” හඳුන්වා දීමට වහාම පියවර ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගිය දා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී.මුතුබණ්ඩා මහතාට නියෝග කළාය.

නැගෙනහිර පළාතේ අධ්‍යාපන බලධාරීන් සමඟ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවති හමුවේ දී මෙම නියෝගය සිදු කළාය. පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටමේ ගුණාත්මකභාවයක් මෙමඟින් ඇති වන බවද ආණ්ඩුකාරවරිය කීවාය. මේ බව විශේෂ චක්‍රලේඛයක් මඟින් පළාතේ සියළු විදුහල්පතිවරුන්ට දැනුම්දෙන ලෙසද ආණ්ඩුකාරවරිය කියා සිටියාය. හෙළ බොජුන් පාසල් තුළ ප්‍රචලිත කිරීම මඟින් දරුවන්ට වැළදෙන දියවැඩියාව, අධික තරබාරුව වැනි රෝග ලක්ෂණ අවම කර ගැනීමට හැකියාව පවතින බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

The post නැඟෙනහිර පළාතේ පාසල් ආපනශාලාවලට “හෙළ බොජුන්” හඳුන්වා දීමට වහාම පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG