පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මවක මියගිය පවුලක් සඳහා නිවසක් ඉදිකිරීම කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ මීගමුව මහ හුණුපිටිය ප්‍රදේශයේදීයි.
චන්දි රසිකා නමැති මෙම මව කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙනුයි ජීවිතක්ෂයට පත් වුණේ. ඇයගේ දරු පවුල වෙනුවෙන් මෙම නිවස ඉදිකිරීමට ආයතන කිහිපයක් දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටියා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මීගමුව දිසා ශාඛාවයි ඊට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ. ලෝක බාලදක්ෂ ව්‍යාපාරය, ලේක්හවුස් ආයතනයෙ සහ බ්‍රිතාන්‍යයේ දානපතියන් ආදිය මීට අයත්.
The post පාස්කු ප්‍රහාරයෙන් මවක මියගිය පවුලක් සඳහා නිවසක් appeared first on ITN News.
Post a Comment