මිහිකත සනසාලමින් දිවයින පුරා රුක් රෝපනය කිරීමේ හරිත චාරිකා වැඩසටහනේ සමාරම්භය අග්රාමාත්ය නිලනිවසේදී අද උදෑසන පැවැත්වුණා. ඒ ශිරන්ති වික්රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්රධානත්වයෙන්.
දිනෙන් දින උණුසුම්වන වායු ගෝලය සනසාලීමට දිවයින පුරා පැල ලක්ෂයකට අධික ප්රමාණයක් සිටුවීම අරමුණු කර ගනිමින් මෙම හරිත චාරිකා වැඩසටහන ක්රියාත්මක කෙරෙනවා. හරිත පරපුර සංවිධානයයි එයට මූලිකත්වය ගෙන තිබෙන්නේ.දර්ශනී නානායක්කාර පදනම ඒ සඳහා අනුග්රහකත්වය ලබා දෙනවා. ඒ අනුව අද උදෑසන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් රෝපණය සඳහා පැල ලබාදීම නිල වශයෙන් සිදු කෙරුණා. මෙසේ ලබා දුන් පැල රෝපණය කිරීමේ වැඩසටහනේ පළමු අදියර රිවස්ටන්හි සිදු කිරීමට නියමිතයි.මේ පිලිබඳ තොරතුරු ගෙන එන්නේ නිමේෂ චමත් සංකල්ප.
The post හරිත චාරිකා වැඩසටහන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්රධානත්වයෙන් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment