Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහාමාන්‍ය ඩි.එස්.සේනානායකයන්ගේ ගුණ සමරුව අදයි  

Add comments

72 වන නිදහස් දිනයට සමගාමී ව මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන නිදහසේ පිය ලෙස විරුදාවලි ලත් මහාමාන්‍ය ඩි.එස්.සේනානායකයන්ගේ ගුණ සමරුම් උත්සවය අදයි දිනයේ (04) යෙදී තිබෙනවා.

නිදහස් දිනය පැවැත්වෙන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට මල්දම් පැලඳවීම දේශබන්දු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි.

මේ සඳහා අනුශාසක හිටපු රුක්මන් සේනානායක, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු විදේශ කටයුතු අමාත්‍ය වසන්ත සේනානායක, හිටපු ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර, ඩි.එස්.සේනානායක අනුස්මරණ කමිටුවේ ප්‍රධාන ලේකම් ආචාර්ය අයි.දිසානායක, ඩි.එස්.සේනානායක අනුස්මරණ කමිටුවේ භාණ්ඩාගාරික රංජිත් කොඩිකාර, ඩි.එස්.සේනානායක අනුස්මරණ කමිටුවේ උප සභාපති හිටපු අමාත්‍ය ලාල් ධර්මප්‍රිය ගමගේ, ඩි.එස්.සේනානායක අනුස්මරණ කමිටුවේ උප සභාපති අමාත්‍ය එම්.ඩි.ප්‍රේමරත්න, ඩි.එස්.සේනානායක අනුස්මරණ කමිටුවේ උපසභාපති හිටපු අමාත්‍ය පි.දයාරත්න, කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඇතුළු මහත්වරුන් මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

The post මහාමාන්‍ය ඩි.එස්.සේනානායකයන්ගේ ගුණ සමරුව අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG