ඇදිරි නීතිය කඩ කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. ආරච්චිකට්ටුව සින්නකරුපනේ ප්‍රදේශයේ මුර සංචායේ යෙදී සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඇඳිරිනීතිය පිළිබඳ දැනුවත් කිරීමට යාමේදී මෙම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. නාවික හමුදාව ආරච්චිකට්ටුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ඇදිරි නීති රෙගුලාසි කඩකල පුද්ගලයන් 11 දෙනෙකු බගවන්තලාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තේ වත්තක සැරි සරමින් සිටි 07 දෙනෙකු සහ අනවරසයෙන් මැණික් ගරමින් සිටි 04 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇදිරි නීතිය පවතින කාලය තුළදී සෝමාවතී ජාතික වනෝද්‍යානයේ වසර සියයකට වඩා පැරණි කුඹුක් ගසක් කපමින් සිටි පුද්ගලයන් 04 දෙනෙකු වනෝද්‍යාන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාන්ත්‍රික කියත් දෙකක්ද සිය භාරයට ගැනීමට වන නිලධාරීන්ට හැකිවුණා. කොළඹ ප්‍රදේශයේ නිවෙස් සඳහා බිමට යෙදීමට මෙම දැව ලබා ගැනීමටයි සැකකරුවන් උත්සාහ කර තිබුණේ.
The post ඇඳිරිනීතිය කඩකළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment