Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බේරුවල – පන්නිල ප්‍රදේශයේ පවුල් 52ක් නිරෝධායනයට  

Add comments

ඊයේ (31) දින කොරෝනා ආසාදිතයන් හමුවූ බේරුවල පන්නිල හා චීන කොටුව යන ප්‍රදේශවලින් හඳුනාගත් පවුල් 52 කට අයත් පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

ඒ අනුව ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීම යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදුවුණා.

වෛරසය ආසාදනය වු බවට තහවුරු වූ බේරුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු හම්බන්තොට ප්‍රදේශයේ දින කිහිපයක් නවාතැන්ගෙන සිට ඇති බව අද වාර්තා වුණා. ඔහු හා තවත් පුද්ගලයන් 4 දෙනෙකුට නවාතැන් ලබා දෙමින් තොරතුරු වසන් කළ හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු හඳුනා ගැනිමත් සමග ඔහු හා අසල්වැසි නිවසේ පිරිස ද ගෘහස්ථ  නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

The post බේරුවල – පන්නිල ප්‍රදේශයේ පවුල් 52ක් නිරෝධායනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG