කොරෝනා ආසාධනය වීමෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව 47,245ක් දක්වා වැඩිවී තිබෙනවා.
රටවල් 203 කින් මේවන විට වාර්තාවී ඇති ආසාධිතයන් ගණන 935,957ක්. සුවය ලැබූ සංඛ්‍යාව 194,286ක් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ඊයේ (01) මියගිය හත්සිය විස්හත්දෙනාත් සමග කොරෝනා ආසාධනය වීමෙන් ඉතාලියේ මියගිය ගණන දහතුන්දහස් එකසිය පනස් පහක්.
ස්පාඤ්ඤයෙන්ද මරණ 9387 ක් වාර්තාවී තිබෙනවා. කොරෝනා ආසාධනයවීමෙන් ඇමරිකාවෙන් මියගිය ගණන 5099 ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සති හයක් වයසැති අලුත උපන් බිළිදෙකු ද ඊට ඇතුලත්. ඉදිරි දින තිහ ඉතා තීරණාත්මක බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය ජනතාව අමතමින් ප‍්‍රකාශ කළේ. දස දහස් සංඛ්‍යාත පිරිසකගේ ජිවිත අහිමිවීමේ වැඩි අවදානමක් පවතින බව ඔහු පෙන්වා දී තිබෙනවා.
මේ අතර තිස්හය දහසකගේ පමණ රැකියා අත්හිටවූ බව බ‍්‍රිතාන්‍ය ගුවන් සමාගම නිවේදනය කළා. ගුවන් යානා ඉංජිනේරුවරුන් , ගුවන් නියමුවන් සහ සහායකයන් ඇතුලු පිරිසක් ඊට ඇතුලත්.
The post කොරෝනා ආසාධනයවීමෙන් ලොවපුරා මියගිය ගණන හතලිස් හත් දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment