Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මඟීන් 100ක් රැගත් පාකිස්තාන ගුවන් යානයක් කඩා වැටේ  

Add comments

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ලාහෝර් සිට පියාසර කරමින් කරච්චි නුවරදී අනතුරට ලක්ව ඇති බව ගුවන් සේවා නිලධාරීහු සදහන් කරනවා.

මගීන් 99 ක් සහ කාර්ය මණ්ඩලය අට දෙනෙකු පමණ රැගත් මෙම යානය ලාහෝර් සිට පාකිස්තානයේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබුණා.

කරච්චි හි ජනාකීර්ණ නිවාස පිහිටි ප්‍රදේශයක් වෙත කඩාවැටී එම ස්ථානයෙන් දුමාරය ඉහළ යන බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නිවාස වලට හානි සිදුවී ඇති ස්ථානයට හදිසි සේවා පැමිණ තිබේ.

වාණිජ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට රට ඉඩ හැර දින කිහිපයකට පසු මෙම අනතුර සිදුව තිබෙනවා.

The post මඟීන් 100ක් රැගත් පාකිස්තාන ගුවන් යානයක් කඩා වැටේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG