Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දූනීසියා මුහුදු කලාපයට ගසාගෙන ගිය ධීවර යාත්‍රා 18ක් යළි නිරුපද්‍රිතව පැමිණේ  

Add comments

අම්ෆන් සුළිකුණාටුවට හසු වී ඉන්දූනීසියා මුහුදු කළාපයට ගසා ගෙන ගොස් තිබූ බහුදින ධීවර යාත්‍රා 18 ක් අදාළ ධීවර වරායන් වෙත නිරුපද්‍රිතව පැමිණියා.

අම්බලන්ගොඩ, ගාල්ල, දෙවිනුවර හා බේරුවල ධීවර වරායවලින් මුහුදු ගිය බහුදින යාත්‍රා 18 කුයි අම්ෆන් සුළිකුණාටුවට හසුවී ගසාගෙන ගොස් තිබුණේ. ධීවර යාත්‍රා මෙම අනතුරට මුහුණපෑවේ පසුගිය 13 වනදායි.

නාවික හමුදාවේ මැදිහත්වීමෙන් එම ධීවර යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන සහ ධීවරයන්ට ආහාර ද්‍රව්‍ය ආදි පහසුකම් සැපයීමෙන් අනතුරුව අදාළ යාත්‍රා යළි රැගෙන ඒමට හැකි වුණා.

අම්බන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ යාත්‍රා ද එම ධීවර වරායට අද ළගා වුණා.

The post ඉන්දූනීසියා මුහුදු කලාපයට ගසාගෙන ගිය ධීවර යාත්‍රා 18ක් යළි නිරුපද්‍රිතව පැමිණේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG