Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙවැනි වීඩියෝවල පෙනී සිටින දරුවන් පිළිබද තොරතුරු දන්නේ නම් 1929 අමතන්න  

Add comments

දරුවන් සියලු අත්දැකීම් ලබා ගන්නේ සමාජයෙන් බැවින් ඔවුන් වටා ඇති සියලු දේ සම්බන්ධයෙන් වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූබි රූබන් මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ  කුඩා දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී වීඩියෝ පට ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පරික්ෂණ ආරම්භ කර තිබුණා. එහ සිද්ධියට අදාළ බාල වයස්කාර දරුවන්  තුන් දෙනෙකු ද ඊයේ (01) දිනයේ පොලිස් භාරයට  ගැනුණා.

මෙවැනි වීඩියෝවල පෙනී සිටින දරුවන් පිළිබද තොරතුරු දන්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 අංකයට දැනුම් දෙන ලෙස ද එම අධිකාරිය ඉල්ලීමක් කළා.

දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් වැඩිහිටියන් වැඩි අවධානය යොමුකළ යුතු බවයි විශේෂඥ මනෝ වෛද්‍ය රූබි රූබන් ප්‍රකාශ කළේ.

 

 

 

 

The post මෙවැනි වීඩියෝවල පෙනී සිටින දරුවන් පිළිබද තොරතුරු දන්නේ නම් 1929 අමතන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG