Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු අධ්‍යයන ආයතනවල ඩෙංගු මර්දනයට පියවර ගන්න – අධ්‍යාපන අමාත්‍යාංශය  

Add comments

වසා දමා ඇති පාසල්,  පිරිවෙන්,  විද්‍යා පීඨ හා ගුරු මධ්‍යස්ථාන ඇතුලු සියලු අධ්‍යයන ආයතනවල ඩෙංගු මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇති පාසල්,  පිරිවෙන් ඇතුලු සියලුම අධ්‍යාපන ආයතන පවිත්‍ර කිරීමේ කටයුතු යළි ආරම්භ කළ යුතුයි. ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක් ඇති බැවින් පවිත්‍ර කිරීම කඩිනමින් අරඹන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙන්නේ.

පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම්වල සහාය ද මේ සඳහා ලබාගත හැකියි.

සියලු පවිත්‍ර කිරීමේ කටයුතු කොරෝනා වෛරස මර්දනයට අදාළව ක්‍රියාත්මක උපදෙස් සහ නිර්දේශවලට යටත්ව සිදු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

 

 

The post සියලු අධ්‍යයන ආයතනවල ඩෙංගු මර්දනයට පියවර ගන්න – අධ්‍යාපන අමාත්‍යාංශය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG