Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එබෝලාවට එරෙහි ඖෂධය කොරෝනාවට භාවිත කිරිමට ඇමරිකාව තීරණය කරයි  

Add comments

එබෝලා රෝගී තත්වය සදහා ලබාදුන් ඖෂධය කොරෝනා ආසාදිතයන්ට ලබාදිීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

එරට ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය ඊට ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ අනුව මේ වන විට ඇමරිකා රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ට මෙම ඖෂධය ලබදීමටයි නියමිත. පසුගිය සති කිහිපයේ සිදුකළ පරික්ෂණවලදී එහි සාර්තකත්වයක් හදුනාගත් බවයි ඇමරිකා වාර්තා පෙන්වා දෙන්නේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට දැඩි බලපෑම් එල්ල වුණා.

මේවන විට තහවුරු කරගෙන ඇති ආසාධිතයන් සංඛ්‍යාව 11,31,492ක්. 65,776 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර චීනයට එරෙහිව නව තීරුබදු පනවන බව ද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය පාලනය කිරීමට ඔවුන්ට නොහැකිවූ බවටයි ට‍්‍රම්ප් චෝදනා කරන්නේ.

The post එබෝලාවට එරෙහි ඖෂධය කොරෝනාවට භාවිත කිරිමට ඇමරිකාව තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG