Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලිගාවත්ත සිද්ධියේ සැකකරුවන් 6 දෙනා ලබන මස 4 දක්වා රිමාන්ඩ්  

Add comments

මාලිගාවත්ත ජුම්මා මස්ජීඩ් පල්ලිය අසලදී සිදු වූ තෙරපීමකින් කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වැඩිදුර වාර්තාවක් කැදවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

මාලිගාවත්ත ජුමාමා මස්ජීඩ් පල්ලිය අසළ නිවසකදී  දෙහිවල ප්‍රදේශයේ පදිංචි  ව්‍යාපාරිකයකු රාමසාන් උත්සවය වෙනුවෙන් මුදල් බෙදා දීමක් සිදු කර තිබෙනවා. එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 5000ක මුදලක් ලබා දී ඇති අතර තුන්සීයකට අධික පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි බව සදහන්.

බොහෝ පිරිසක් මුදල් ලබා ගැනීම සදහා  එකවර නිවස තුලට යාමට උත්සාහ දැරීමේ දීයි තෙරපීම සිදුව තිබෙන්නේ.  සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ කාන්තාවන් තුන් දෙනාම වයස අවුරුදු 65 ඉක්ම වූවන්. තවත් 8 දෙනෙකු එහිදී තුවාල ලැබුවා.  සිද්ධිය සම්බන්ධයෙන් අදාළ  ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසිය කටයුතු කළ අතර ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරුවන් ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.  එමෙන්ම එදිනට මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කළා.

The post මාලිගාවත්ත සිද්ධියේ සැකකරුවන් 6 දෙනා ලබන මස 4 දක්වා රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG